― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපළාත් පාලන ආයතන නිල කාලය දීර්ඝ කිරීමට පොහොට්ටුවෙන් යෝජනාවක්

පළාත් පාලන ආයතන නිල කාලය දීර්ඝ කිරීමට පොහොට්ටුවෙන් යෝජනාවක්

පළාත් පාලන ආයතන නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂයභාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකමිවරයා ඡන්දයට මුදල් ලබාදිය හැකි කාලසීමාව ප්‍රකාශ කරන්නේ නම් ඒ වනතෙක් පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට නිතිමය ප්‍රතිපාදන පවතින බවයි එහි මහ ලේකමි සාගර කාරියවසම් කියා සිටියේ.

එමෙන්ම නිල කාලය අවසන් වන පළාත්පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන් යටතට පත් කිරීමට පොදුජන පෙරමුණ එකඟ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය සතියේ පළාත්පාලන ආයතන වල කාලය දිර්ඝ කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අරලියගහ මන්දිරයේදි හමුවී දැනුවත් කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියා.

කෙසේ වෙතත්, පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ පවතින නීතිය කුල පළාත් පාලන ආයතන වල කාලය දිර්ඝ කිරිමේ හැකියාවක් නොමැති
බවයි.