26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයේ යට ඇඳුම් ඉස්සූ හොරා මාට්ටු

ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයේ යට ඇඳුම් ඉස්සූ හොරා මාට්ටු

කොළඹ ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොර රහසේ ඇතුළු වී කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කළ සේවකයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා මරදාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරු අල්ලාගන්නා අවස්ථාවේ දී එලෙස සොරකම් කරන ලද කාන්තා යට ඇඳුම් කිහිපයක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය කාලයේ දී කාන්තා නේවාසිකාගාරය තුළ කාන්තා යට ඇඳුම් සීඝ්‍රයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් නේවාසිකව සිටින හෙදියන් ආරක්ෂක අංශයට ද දැනුම් දී තිබෙනවා.

ඒ, පිළිබදව අවධානයෙන් සිටි ආරක්ෂක අංශයේ නිලධාරීන් අද (19) අලුයම සැකකරු සුපුරුදු ලෙස නේවාසිකාගාරයට ඇතුළු වී රෙදි වැල්වල දමා තිබූ යටඇඳුම් සොරා ගෙන පිටව යන අවස්ථාවේදී හසුකර ගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස අල්ලාගත් සැකකරු මරදාන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, ඔහු සෞඛ්‍යය කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙකු බවටයි හඳුනගෙන ඇත්තේ.

37 හැවිරිදි වියේ පසුවන සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.