මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරන්නේ.
ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ.
ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද, පලටුපාන වෙරළ තීරයෙන් සුළු භූචලන දෙකක් වාර්තා වුණි. ත්‍රිකුණාමලය,තිඹිරිවැව, ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ භූචලනයක් සිදුව තිබුණි. රික්ටර් මාපකයේ 3ක අගය ගත් එය සුළු භූචලනක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේය. කෙසේවෙතත් ගෝමරන්කඩවල ප්‍රදේශවාසීන්ට එම භූචනය දැනී තිබුණි.
මේ අතර ඊයේ පස්වරු 06.46 ට තවත් භූ චලනයක් සිදුව තිබුණේ කිරින්ද – පලටුපාන වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයෙනි. එහි අගය දැක්වුණේ රික්ටර් මාපාංක 2.6 ක් ලෙසින්ය. එම භූචලන ද්විත්වයම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති අතර එය මෙරට භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව තිබුණි.