― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58ක් සමඟ සැකකරුවන් 02ක් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ‍‍පොලිසිය හා එක්ව එම ප්‍රදේශයේ ඊයේ (18) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි එම පුපුරණ ද්‍රව්‍ය හමුව ඇත්තේ.

එම පුපුරණ ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී සොයාගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයේ තිබී වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58ට අමතරව ඩෙටනේටර් 100ක් සොයගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදාගැනීමට එම වාණිජ පුපුරණද්‍රව්‍ය තොගය රැගෙන යන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34ක් වන නිලාවේලී සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්. 

 ඉදිරි නිතීමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසනවා.