පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමඟ අද (20) සිට ඒවායේ කටයුතු පළාත් පාලන කොමසාරිස්වරුන් හා පළාත් පාලන ලේකම්වරුන් වෙත පැවරෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.
2018 වසරේ පෙබරවාරී 10 වැනිදා පැවති ඡන්ද විමසීමෙන් වසර 4ක කාලයක් සඳහා එම ආයතනවලට සභිකයන් තෝරා ගැනුණු අතර ඔවුන්ගේ නිල කාලය එම වසරේ මාර්තු 20 වැනිදා සිට ආරම්භ විය.
කෙසේවෙතත් කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 340 හි නිල කාලය තවදුරටත් දීර්ඝ කළ හැකිද යන්න සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිවරයාගේ මතය විමසීමට රජය කටයුතු කළ අතර එම තීරණය අද තමන්ට ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.