26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 22 වැනිදා

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 22 වැනිදා

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ කඩඉම් ලකුණු මේ මස 22 වැනිදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙවර විභාගයට පෙනී සිටි සිසුන් 48,257ක් ලකුණු 153කට වඩා ලබාගෙන ඇති අතර ඔවුන්ට විකල්ප පදනමක් මත පාසල් 10කට අයදුම් කිරීමේ හැකියාව පවතී.

විදුහල්පතිවරුන් විසින් අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක දත්ත ගබඩාවේ ලියාපදිංචි කළ පසු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒවා පරීක්ෂා කර සිසුන්ට සුදුසු පාසලක් පැවරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.