27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගංජා වැටලීමකට ගිය කොස්තාපල් බඳින තුවක්කුවට අහුවෙයි

ගංජා වැටලීමකට ගිය කොස්තාපල් බඳින තුවක්කුවට අහුවෙයි

රිදීමාලියද්ද දෙහිගම  පුදියංගලයාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගොස් සිටි රිදීමාලියැද්ද පොලිසියේ කොස්තාපල්වරයකු බඳින තුවක්කුවකට ගොදුරු වීමෙන් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

කොස්තාපල් (75638)  යන නිලධාරියා සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පුදියංගලයාය  ප්රබදේශයේ බඩඉරුගු වගාවක් මුවාවෙන් ගංජා හේනක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව  ඊයේ (19) පොලිස්  සිව්දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අදාල බඩඉරුගු වගාව පරික්ෂා කිරීමේ කොස්තාපල්වරයා මෙම තුවක්කුවට ගොදුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

බදින තුවක්කුව ක්‍රියාත්මක කර තිබූ ඉඩමේ හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.