ත්රිරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්රිරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
දෙවැනි කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මෙම මිල සංශෝධනයට අනුව පහළ දැමෙනු ඇති.