28.4 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙක්ට අත පයේ හයිය පෙන්නූ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුවෙක්ට අත පයේ හයිය පෙන්නූ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුවෙකුට පහරදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ බව කියන සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසනවා.

ඊයේ (20) සවස නවගත්තේගම – කැලේවැව විජය මහා විද්‍යාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ බව කියන සිසුවා ප්‍රතිකාර සදහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු නවගත්තේගම කුරුළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නවගත්තේගම කැලේවැව විජය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු අතර ඊයේ (20) පාසලේ පිරිමි වැසිකිළිය ආසන්නයේ දී ගැටුමක් හට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී සිසුන් දෙදෙනෙකු විසින් එක් සිසුවෙකුට පහර දී යකඩ බටයකින් උදරයට ඇණ ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගැටුම ඇති වූ අවස්ථාවේ දී එය නැවත්වීමට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මැදිහත් වූ අවස්ථාවේ දී එක් සිසුවෙකු විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය පිළිබඳව විදුහලේ විදුහල්පති පී.එම්.පී.ආරියරත්න විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පහරදීම සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා තර්ජනට කිරීමට සම්බන්ධ බව කියන සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නවගත්තේගම පොලීසිය මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.