25.6 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල් සිසුවියන්ට අමුතු පාඩම් කියා දුන් ගුරු සැමියා

පාසල් සිසුවියන්ට අමුතු පාඩම් කියා දුන් ගුරු සැමියා

ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනකුට නිරුවත පෙන් වූ බව කියන පුද්ගලයෙක් ඇතිමලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.