26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධ යෝජනාව අද ( 21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට ඡන්ද විමසිමක් ඉල්ලා සිටියා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 43 ක් පමණයි.

ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 32 කින් සම්මත වු අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , ලංකා කම්කරු කොංග්‍රසය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

විපක්ෂව ඡන්දය භාවිතා කළේ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , නිදහස් ජනතා සභාව හා උත්තර ලංකා සභාගයයි.

දමිල ජාතික සන්ධානය , දමිල ජාතික ජනතා පෙරමුණ සහ සී.වී විග්නේෂ්වරන් මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදි සිටියේ නැහැ.