27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයේ රැකියා දෙනවැයි කෝටි 02ක් වංචා කරලා

ජපානයේ රැකියා දෙනවැයි කෝටි 02ක් වංචා කරලා

ජපානයේ විදේශ රැකියා දෙන බව පවසමින් පුද්ගලයින් 20 දෙනෙකුට රුපියල් කෝටි 02කට වැඩි මුල්‍ය වංචාවක් සිදුකළ පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිළිමතලාව ඌරාපොල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

ඔහු ඌරාපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ලෙස වැඩසිටි කාලය තුළ විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

සැකකරු ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්‍ෂ 6 සිට ලක්‍ෂ 14 දක්වා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.