― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට එකඟතාවයක්

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට එකඟතාවයක්

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට පොහොර ආනයනය කරන සමාගම් කිහිපයක නියෝජිතයෝ එකඟතාවය පළ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ ඊයේ (23) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග මෙරටට පොහොර ආනයනය කරන සමාගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුවය.

රුපියල ශක්තිමත්වීම මෙන්ම දැනට රජය විසින් රුපියල් 10,000ක මුදලකට යුරියා ගොවි ජනතාවට සපයන බැවින් මෙම පුද්ගලික සමාගම් විසින් අලෙවි කරන පොහොර මිල ද අවම කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යුරියා පොහොර මිටියක් 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයෝ එකඟත්වය පළ කළහ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට ගොවින් වෙත ලබා දෙන යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.