― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුවිශේෂි කළමනාකරණ වැඩපිළිවෙලක් තුළ අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප 10...

සුවිශේෂි කළමනාකරණ වැඩපිළිවෙලක් තුළ අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප 10 වනදාට පෙර

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම හා සමෘද්ධි දීමනා ගෙවීම අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සුවිශේෂී කළමනාකරණ වැඩපිලිවෙලක් තුළ මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (24) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද සාම්ප්‍රදායිකව සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 10 වන දිනට පෙර ගෙවන රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප හා සමෘද්ධි දීමනාව යනාදිය මෙවර ද ඒ ආකාරයෙන්ම ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ සඳහා රුපියල් බිලියන 140ක් පමණ වැය වන බවත්, ඒ අනුව සුවිශේෂී මූල්‍ය කළමනාකරණයක් තුළ අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍ය පරිදි කළමනාකරණය කොට වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙලක් යොදා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.