― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිලියන 10කට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා

මිලියන 10කට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා

වාර්ෂිකව එළවළු වලින් සියයට 19ක් හා පළතුරු වලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා මෙලෙස පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බව ඔවුන් පවසනවා.

ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා කළ  සාකච්ඡාවකදී අනාවරණය වී තිබෙන්නේ.

ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක්  ප්‍රවාහනයේ දී විනාශ වන බවට තොරතුරු ලැබී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය පවසන්නේ.

2021 දී මෙලෙස ලංකාවෙි අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බවයි අමාත්‍ය පවසන්නේ.