― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇමති බන්දුල ආපු උත්සවයේදී හූ කියා පලාගිය පුද්ගලයා අල්ලයි

ඇමති බන්දුල ආපු උත්සවයේදී හූ කියා පලාගිය පුද්ගලයා අල්ලයි

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඬ නගා විරෝධතාවයක් දක්වා පලාගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා හෝමාගම් දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොර් රථයකින් යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබිණි.

මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නඟමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාවය දක්වමින් පලා ගොස් තිබේ.

පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹාගොස් හූ හඬ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ආගමික උත්සවයකට බාධා කිරීම්, ආගම් ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.