― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයාපනයට ගිය වසන්ත මුදලිගේට ජනතාවගෙන් දැඩි විරෝධයක්

යාපනයට ගිය වසන්ත මුදලිගේට ජනතාවගෙන් දැඩි විරෝධයක්

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට ජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

“යාපනයට අරගල එපා” වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ඉල්ලමින් ඊයේ (25) දින සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වසන්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණා.

යාපනය රිම්මර් මණ්ඩපය අසලට සාමාන්‍ය වැසියන් විශාල පරිසක් විරෝධතා පාගමනකින් පැමිණ ප්‍රකාශ කළේ කොළඹ සිට පැමිණි අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සියලු සාමාජිකයින්ට වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත් වන ලෙසටයි.

එහිදී විරෝධතාවයේ නිරතවූවන් වැඩිදුරටත් පවසා සිටියේ, උතුරේ අතුරුදහන් වූවන්ගේ ගැටලුව, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ඉඩම් ගැටලුවලට කිසිදු විසඳුමක් නොලැබුන ද යාපනයේ මෙන්ම උතුරේ ජනතාවට අරගලයන් හෝ ප්‍රචණ්ඩත්වයන් අවශ්‍ය නොවන බවටයි.

උතුරේ ජනතාව අතර නැවත ප්‍රචණ්ඩත්වයක් ඇති නොකර වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ප්‍රකාශ කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව සඳහන්.

යාපනයට පැමිණි වසන්ත මුදලිගේ ඇතුලු ක්‍රියාකාරීන් පිරිස අදාළ සාකච්ඡාව කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන්.