27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ල, මාතර හා කළුතර ග්‍රාමීය පොදු ප්‍රවාහනයට නව බස්රථ

ගාල්ල, මාතර හා කළුතර ග්‍රාමීය පොදු ප්‍රවාහනයට නව බස්රථ

ඉන්දියානු ණ්‍ය යෝජනා ක්‍රමය යටතේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර එම දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

75වන නිදහස් සමරුවට සමගාමී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ග්‍රාමීය මෙම බස් රථ දිවයිනේ සියලුම ඩිපෝ වෙත බෙදීම සිදු වේ.

රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, වජිර අබේවර්ධන යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.