― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබත් පාර්සලයක මිලත් පහළට

බත් පාර්සලයක මිලත් පහළට

ලබන සතියේ සිට කෑම පාර්සලයක මිල අඩු කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍යවල මිල සමීක්ෂණයක් සිදුකොට බත් පාර්සලයක මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කරන බවයි.

මේ අතර අද (27) දිනයේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු කිරීම එම සංගමය පසුගියදා තීරණය කළා. කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ.

හෝටල් සහ ආපනශාලාවල කිරි තේ කෝප්පයක මිල පැවතියේ රුපියල් 100ක මිලකටයි.