26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුධ සමයේදී වෙන් වූ යුවළක් වසර 33කට පසු නැවත හමුවෙයි

යුධ සමයේදී වෙන් වූ යුවළක් වසර 33කට පසු නැවත හමුවෙයි

යුද්ධය හේතුවෙන් වෙන්ව සිටි ත්‍රිකුණාමලයේ යුවලක් වසර 33කට පසු යළි හමුවීමේ පුවතක් වාර්තා වෙනවා.

කොළඹ ජාතික රෝහල අසළ අසරණ තත්ත්වයට පත්ව සිටි කාන්තාව පිළිබඳව ලැබුණු තොරතුරක් මත රෝහල් කාර්ය මණ්ඩලය ඇයගේ අනන්‍යතාව හෙළිකර කාන්තාවගේ සැමියා සහ ඥාතීන් සොයාගෙන තිබේ.

ඇය එක දරුවෙක් සමඟ තම පවුල හැර දමා කොළඹට පැමිණ ඇත්තේ යුද්ධය පැවති අවධියේ ජීවිතය බේරා ගැනීම සඳහාය. එතැන් පටන් ඇය වසර 33ක් ආරාම, පල්ලි සහ පොදු ස්ථානවල විවිධ පුද්ගලයන්ගේ උපකාරයෙන් ජීවත් වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය සමඟ පැමිණි දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.