28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෑන් රථය ගසක වැදීමෙන් රියදුරා ජීවිතක්ෂයට

වෑන් රථය ගසක වැදීමෙන් රියදුරා ජීවිතක්ෂයට

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේදී අද (27) අලුයම වෑන් රථයක් ගසක වැදී වෑන් රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා.

අද අලුයම 3ට පමණ වෑන් රථය කොඩිකාමම් සිට මිරුසුවිල් දක්වා ධාවනය වෙමින් තිබියදී එය මාර්ගයෙන් ඉවතට පැන මිරුසුවිල් යුද හමුදා කඳවුරක් ඉදිරිපිට ගසක වැදී ඇති බව කොඩිකාමම් පොලිසිය පැවසුවා.

රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් ඉඳ ඇති අතර මියගිය ඔහු කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි කුමාරසිංහම් ගජීපන් නැමති 27 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබෙනවා.