25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 දෙනෙක් රෝහලට යැවූ අධිවේගයේ රිය අනතුර

15 දෙනෙක් රෝහලට යැවූ අධිවේගයේ රිය අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.1 කළුතර උතුර, පැල්පොල ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ අවස්ථාවේදී බස් රථයේ සිටි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහරදීමත් සමඟ සෙසු මගීන්ද ඔහුට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.