― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ එක දවසයි

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ එක දවසයි

එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ඉකුත් 24 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ තීරණය ගෙන තිබෙනවා.

අප්‍රේල් 4 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන පාර්ලිමේන්තුව තුළ පෙ.ව 10.30 වෙන තෙක් කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කෙරෙනවා. තවද 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වැනි අගහරුවාදා සිට අප්‍රේල් 28 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසුවා.