මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වීරකැටිය ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.
දැනට මාස දෙකක් සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.