― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋසස් පෙළ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරික්ෂණ හෙට නොපැවැත්වේ

උසස් පෙළ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරික්ෂණ හෙට නොපැවැත්වේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

මේ අතර ගෘහ ආර්ථික විද්‍යාව සංගීතය (කර්ණටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව, (සිංහල,දෙමළ, ඉංග්‍රීසි) යන විෂයන්හි ප්‍රායෝගික පරික්ෂණ කලින් සැලසුම් කළ පරිදි අද පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.