27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් ගෙනාපු බිත්තරවල සෞඛ්‍ය පරීක්‍ෂණ වාර්තා අදත් ලැබී නැහැ

ඉන්දියාවෙන් ගෙනාපු බිත්තරවල සෞඛ්‍ය පරීක්‍ෂණ වාර්තා අදත් ලැබී නැහැ

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20 අද (27) පස්වරු දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවත් එම බිත්තර තවමත් පරීක්‍ෂණ මට්ටමේ පවතින බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

පසුගිය 23 වැනිදා එම බිත්තර තොගය කොළඹ වරායට ළගා වූ අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට දින දෙකකට පමණ පෙර පරීක්‍ෂණ සඳහා බිත්තර සාම්පල ලබාගත් නමුත් මේ දක්වා එම පරීක්‍ෂණ වාර්තා ලැබී නොමැත.