29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුද්දට කේක් කන්න එපා

අවුරුද්දට කේක් කන්න එපා

ආනයනික ඉන්දීය බිත්තර යොදා ගනිමින් සාදන ලද කේක් මිලදී නොගන්නා ලෙස බේකරි හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කොළඹ වරායට පැමිණි දියර බිත්තර මුදා නොහැර දින හතක පමණ කාලයක් ගබඩා කර ඇති බවයි.

මෙම තත්ත්වය මත මෙම බිත්තර නරක් විය හැකි බව පවසමින් එළඹෙන අලුත් අවුරුද්දට කේක් සෑදීම සඳහා ඒවා භාවිත නොකරන ලෙස අසේල සම්පත් බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ආනයනය රේගු අපනයන-ආනයන පනත උල්ලංඝනය කරමින් මෙරට රැගෙන ඇති බවත් මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වරායට ගොස් බිත්තරවල තත්ත්වය පරීක්ෂා කළ යුතු බවත් අසේල සම්පත් වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කර ඇත.