― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබදු සහන දෙනවා නම් බිත්තරයක් 42ට දෙන්න පුළුවන්

බදු සහන දෙනවා නම් බිත්තරයක් 42ට දෙන්න පුළුවන්

කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනය ලබාදෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42ක මුදලකට ලබාදීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කර මෙම කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් බොහෝ පිරිස් මෙම කර්මාන්තයෙන් ඉවත්ව ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා. මේ අතර බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් මෙම කර්මාන්තය අනතුරකට ලක්ව ඇති බවත් එම සංගමය සඳහන් කර සිටිනවා.