27.2 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරූ ජයසූරියට තවත් සම්මානයක්

කරූ ජයසූරියට තවත් සම්මානයක්

හිටපු කතානායක කරූ ජයසූරියට සම්මානයක් ලබා දීමට කොළඹ ආනන්ද විද්‍යාලය තීරණය කර තිබේ.

ඒ අනුව ආර්ථික, ආගමික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්මානයයි කරූ ජයසූරියට පිරිනැමීමට නියමිතව ඇත්තේ.

හෙට (29) පැවැත්වීමට නියමිත ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් කරූ ජයසූරියට මෙම සම්මානය පිරිනමනු ලැබේ.

මීට ඉහතදී කරූ ජයසූරිය ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.