29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදි කරන්න සමාගම් 07කින් කැමැත්ත

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදි කරන්න සමාගම් 07කින් කැමැත්ත

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සමාගම් 07ක් කැමැත්ත පළ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව යෝජිත හම්බන්තොට නව තෙල් පිරිපහදුව සඳහා කැමැත්ත පළ කර ඇති සමාගම් හතෙන් එක් සමාගමක් ශ්‍රී ලාංකීය සමාගමක් වන අතර තවත් සමාගමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඒකාබද්ධ සමාගමකි.

අනෙක් සමාගම් පහ විදේශීය සමාගම් වේ.

නව තෙල් පිරිපහදුව ඉදිකිරීම සදහා ඉදිරිපත්ව තිබෙන විදේශීය සමාගම් චීනය, නයිජීරියාව, මැලේසියාව, ඉරානය සහ සිංගප්පූරුව යන රටවලට අයත්ය.

අදාළ සමාගම් 07 පහතින්,