― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ මරණවලට 90%ක්ම හේතුව හෘදයාබාධ

කොළඹ මරණවලට 90%ක්ම හේතුව හෘදයාබාධ

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ සිදුවන මරණවලින් 90%ක් පමණ සිදුව ඇත්තේ හෘදයාබාධ වැළඳීමෙන් බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

කොළඹ නගරසභා සීමාවෙන් පමණක් සතියකට හෘදයාබාධ හේතුවෙන් මරණ පහළොවක් පමණ වාර්තා වන බවත් මෙලෙස සිදුවන මරණ පසුගිය වර්ෂවලට සාපේක්ෂව වැඩි බවත් කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර සඳහන් කළාය.

මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධවලට ලක්වී මියගොස් ඇත්තේ අවුරුදු තිහ සිට අසූව දක්වා වයස් කාණ්ඩවල පුද්ගලයන් වීම විශේෂත්වයකි.

මීට හේතුව වී ඇත්තේ බොහෝ අවස්ථාවල සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඇතිවන වේදනා නොසලකා හැරීම සහ තෙල් සහිත ආහාර අධික වශයෙන් ගැනීමයි.