― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකේ.බී.කේ. හිරිඹුරේගම නව ඔම්බුඩ්ස්මන් තනතුරට

කේ.බී.කේ. හිරිඹුරේගම නව ඔම්බුඩ්ස්මන් තනතුරට

ලබන මාර්තු 31 වැනිදා සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබෙනවා.

කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 24 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිවුණා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා වන අයදුම්පත් ද සලකා බලනු ලැබුවා.

මේ අනුව විගණන සේවා කොමිෂන් සභාව සඳහා වන අයදුම්පත් සලකා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට පුද්ගලයන් හතර දෙනෙකු ඒකමතිකව ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා, විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වනවා. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව සිටියා.