― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇළක තිබී හමු වූ තරුණියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

ඇළක තිබී හමු වූ තරුණියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී ඊයේ (27) අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ තරුණිය දූෂණයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම විසින් මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර තරුණියගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙළ සිරකිරීමකින් සිදුවූවක් නොවන බවයි. එසේම ඇයගේ සිරුරේ තැලුම් තුවාළ හෝ නොමැති බවද මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් ඥාතීන් වෙත නිදහස් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.