― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කළ හේතු ජනපති පහදයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කළ හේතු ජනපති පහදයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා සේවයෙන් ඉවත් කිරීමට හේතු දක්වමින් ජනධිපතිවරයා ඔහු වෙත යැවූ ලිපිය මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනධිපතිවරයා එම ලිපිය රත්නායක මහතා වෙත යොමු කර තිබුණා.

රත්නායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට විශේෂ හේතු 05ක් දක්වන එම ලිපියෙන් 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ වගන්ති 07 යටතේ අවකල් ක්‍රියාවක් සිදුකර වරදකරුවකු වන බව දක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ලිපිය පහතින් වේ.