මෙරට ඖෂධ නිෂ්පාදනය 2025 වසර වන විට 50 % ක් දක්වා ඉහළට ගෙනඒමට හැකි වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සදහා මේ වන විට ශක්තිමත් මූලික අඩිතාලමක් යොදා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එය ඉළක්ක කරමින් නව කර්මාන්ත ශාලා 12 ක් ආරම්භ කිරිම සදහා වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි ද ඒ සදහා ඩොලර් මිලියන 200 ක පමණ ආයෝජන පැමිණෙමින් තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වනවිට මෙරට සිදු කරන ඖෂධ නිෂ්පාදනය 14% ත් 15% ත් අතර ප්‍රමාණයක පවතින්නේ යැයි ද එය ඉහළ නැංවීම ලෙහෙසි පහසු තත්ත්වයක් නොවූව ද එම අභියෝගයට මේ වනවිට මුහුණ දී ඇතැයි ද එය ජයගැනිම සිදුකළ යුක්තක්ම යැයි ද ඒ මහතා කීය.
විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිම ඉහළ ආයෝජනයේ විය යුතු යැයි ද එවැනි ආයෝජනයක් තුළින් ලාබදායි තත්ත්වයක් අපේක්ෂා නොවූවද ඒ සදහා වන අභියෝග ජයගැනීම පහසු නොවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙරට පෞද්ගලික අංශයේ ප්‍රම්‍රඛතම සුව සේවා සපයන්නෙකු වන “නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගම” මීගමුව නගර මධ්‍යයේ ස්ථාපිත කළ සිය නවීනතම රෝහල් ගොඩනැගිල්ල අද (28) උදෑසන ප්‍රතිකාර සේවාවන් සදහා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් හෙතෙම මේ බව කීය.