රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් පැවසූ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය පවසයි.
හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (28) ගම්පහ ප්රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වනවිට රජයේ සේවකයින් සඳහා දීමනාවක් ලබාදෙන බව පසුගියදා වෘත්තිකයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්රකාශ කළ බවයි ඔහු කියා සිටියේ.