31.1 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙක් ජීවිතක්ෂයට

ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව අඹකොළණිය ප්‍රදේශයේ සැරිසරූ වන අලි රංචුවක් පලවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටි ස්ථානභාර වනජීවී නිලධාරියෙකු අලියෙකු සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ අනුරාධපුර රිටිගල වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරී පී.බී.ජේ.විජේකෝන් වන අතර මාතලේ පදිංචිකරුවෙකු වන ඔහු දෙදෙරු පියෙකි.

ඔහු ඊයේ සවස සිට තවත් නිලධාරීන් 20ක් පමණ කැටුව අලි රංචුව පළවා හැරීම මෙහෙයුමට සහභාගී වී තිබු අතර මෙහෙයුම අතර පැමිණි අලියෙකු මෙම පහර දීම සිදුකළ බව වනජීවී නිලධාරීන් පැවසුවා.

මියගිය නිලධාරීයාගේ දේහය මරණ පරීක්ෂණය සදහා යකල්ල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ තබා තිබෙනවා.