25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනියමිත කලට දුම් පරීක්ෂාව නොකළොත් වාහන Black list

නියමිත කලට දුම් පරීක්ෂාව නොකළොත් වාහන Black list

බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බවයි එහි වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක පවසන්නේ.

“2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”