26.7 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පැන යයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පැන යයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විත්ති කූඩුවට රැගෙන යමින් සිටියදීයි මොහු මෙලෙස පලාගොස් ඇත්තේ.

අධිකරණ ශාලාවේ ජනේලයකින් රැඳවියා පැනගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. 47 හැවිරිදි මොහු බන්ධනාගාරගත කර ඇත්තේ මත්ද්‍රව්‍ය හා සොරකම් සිදුකිරීමේ චෝදනාවලට අදාළවයි.

පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් පමණ යොදවා තිබේ.