― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලියාපදිංචි ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය

ලියාපදිංචි ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය

ජූලි මාසය වනවිට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාළව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

ඉන්දීය රජයේ ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන ලෙසටයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තොර දේශීය භෝග වගා කිරීම හා පරි‍භෝජනයට කාන්තා ප්‍රජාව වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේ ප්‍රමුඛ සිල්මාතාවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද කර තිබෙනවා.

එළැඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතුරින් හැකි පමණින් සරලව හා චාම් ලෙස වැඩසටහන්ද සිදු කරන ලෙසටයි අමාත්‍යවරයා කියාසිටියේ.