27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන බෙදා හැරීම ගැන දැනුම්දීමක්

ඉන්ධන බෙදා හැරීම ගැන දැනුම්දීමක්

අද (29) පෙරවරු 6 සිට සවස 4 දක්වා කාලය තුළ ඔටෝ ඩීසල් ලීටර් 6,600ක බවුසර් 574 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600ක බවුසර් 512 ක් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද බෙදා හරිනු ලැබූ ඉන්ධන තොග සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ප්‍රාදේශීය ඩිපෝවලින් අදාළ බෙදාහැරීම් සිදුකර ඇතැයි සඳහන්.

සියලුම බෙදාහැරීම් අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සියලුම සේවකයින්ට ස්තූතිය පිරිනමන බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව අවශ්‍ය ආරක්‍ෂාව අඛණ්ඩව සපයාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.