― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋමා ඔය නිසා පීඩාවට පත් විශාල පිරිසකට සහන – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

උමා ඔය නිසා පීඩාවට පත් විශාල පිරිසකට සහන – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූවන් විශාල පිරිසකට මේ වන විටත් සහන ලබාදීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූවන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතායි මෙම දැනුම් දීම සිදු කළේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූ විශාල පිරිසකට මේ වන විටත් සහන සලසා දී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් සුළු පිරිසක් පමණක් සහන ලැබීමට නියමිතව සිටින බවත් සඳහන් කළා.

එම කරුණ අනුමත කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඉල්ලා සිටියේ සහන ලැබීමට නියමිත ඉතිරි පුද්ගලයින්ට ද කඩිනමින් සහන ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව අදාළ සහන ලබා දී ඇති ආකාරය හා ඉතිරි පිරිස්වලට පිරිනැමීමට නියමිත සහන ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට අධිකරණයන් වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.