28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි සිසුන්ට පහර දුන් පිරිස CID භාරයට

සරසවි සිසුන්ට පහර දුන් පිරිස CID භාරයට

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවකවධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ.