― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති, අගමැති හා මහින්ද ප්‍රධානත්වයෙන් පිලිප් ගුණ සමරුව සැමරේ

ජනපති, අගමැති හා මහින්ද ප්‍රධානත්වයෙන් පිලිප් ගුණ සමරුව සැමරේ

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධනගේ 51 වන ගුණ සමරු උත්සවය ඊයේ (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

පිලිප් ගුණවර්ධනගේ ජීවන ගමන අළලා සැකසු කෙටි චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඔහු වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් එළි දැක්වීමද සිදු කෙරුණා.

මහා සංඝරත්නය, හිටපු ජනාධිපතිවරු, මැති ඇමතිවරුන් හා විදේශ නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පිලිප් ගුණවර්ධන යනු වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පියායි.