― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර දැරියකට හදි කළ හිටපු විදුහල්පතිට වසර 30ක සිර දඬුවමක්

බාලවයස්කාර දැරියකට හදි කළ හිටපු විදුහල්පතිට වසර 30ක සිර දඬුවමක්

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද අද (30) නියම කළේය.

වසර 09කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 15000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්”එම්” මර්වින් නමැත්තාටය.

2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබිණී.