― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් ‘බබා’ නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහු සමග ‘හරක්කටා’ගේ පාර්ශ්වයට හා මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන පිරිස් අතර ගැටුම් ද තිබී ඇති බව පොලීසිය පවසයි.

වැගන් ආර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළායන අයුරු අසල පිහිටි CCTV කැමරාවක සටහන්වී තිබුණි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි පොලීසිය සඳහන් කළේය.

ඔහු ඝාතනය සඳහා T56 ගිනි අවියක් භාවිත කර ඇති වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ ගිනි අවියට සවිකර තිබූ බවට සැකකරෙන මැගසිනයක් උණ්ඩ 23ක් ද සමග පණුගල්ගොඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ රාත්‍රියේදී පොලීසිය සොයාගත්තේය.

මියගිය තරුණයා ඝාතනය කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සන් ශයින් සුද්දාගේ සහ මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙක් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

සන් ශයින් සුද්දා මියගිය පසු ඔහුගේ හෙරොයින් මත්ද්‍රව්‍ය මෙම තරුණයා විසින් අලෙවි කර ප්‍රදේශයේ ධනවතකු ලෙස පෙනී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම මියගිය තරුණයා ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන අතර ඒවාට සහභාගීවන දෙස් විදෙස් සංචාරකයන් සඳහා මත්ද්‍රව්‍ය හා මත්පැන් අලෙවි කර ඇති බවට පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව මොහු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ද විමර්ශනයක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මියගිය තරුණයාව අත්අඩංගුවට ගැනීමද සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

එම කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නමින් පෞද්ගලික බැංකුවක තිබී රුපියල් ලක්ෂ 100ක ගිණුමක් හා සංචාරක හෝටලයක් ද තහනම් කර තිබේ.

2021 වසරේදී හරක්කාටගේ ගෝලයෙකු වන චූටි නැමැත්තා රුපියල් ලක්ෂ 25ක මුදලක් මසකට ලබාදෙන ලෙස ඉල්ලූ බවත් තමන් එය ලබානොදුන් නිසා තමා සමග හරක් කටා වෛරයකින් සිටින බවත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔහු පවසා ඇති බව පොලීසිය පැවසීය.

එමෙන් මියගිය තරුණයා ප්‍රදේශයේ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශයන් සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර මීට දින කිහිපයකට පෙර එහි නිලධාරීන් 15කට පමණ සාදයක් ද පවත්වා ඇති බව හෙළිවී තිබේ.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මාතර අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.