25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක් සහල් කිලෝ දහය බැගින් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබේ.

රජය විසින් දැනටමත් දිළිඳු පවුල් සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇථි අතර එලෙස බෙදා දෙනු ලබන්නේ මෙවර මහ කන්නයේදී මිලදී ගන්නා වී තොගයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ ගොවීන්ගේ වී තොග දිගටම රජයට ලැබේනම් ඒවා සහල් කර තවත් අතිරේක මාස දෙකක කාලයක් සඳහා ලබාදෙන ලෙසයි.