― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජල පාරිභෝගිකයන් 6,000කට එරෙහිව නඩු

ජල පාරිභෝගිකයන් 6,000කට එරෙහිව නඩු

ජල බිල්පත් නොගෙවූ ජල පාරිභෝගිකයන් 6000කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, පාසල් ගෙවීම් පැහැර හැර ඇති ආයතන අතරට ඇතුළත් කර ඇති අතර ජල ගාස්තු ඉහළ දැමීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගමින් ජල බිල්පත් ගෙවීම සියයට 40කින් පමණ අඩුවී ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මේ දක්වා ගෙවීම් පැහැරහැර ඇති පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1650ක මුදලක් අය විය යුතුව ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.