29.5 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට කම්මැලි මිනිසුන් වැඩිවෙයි

මෙරට කම්මැලි මිනිසුන් වැඩිවෙයි

මෙරට සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන්ම එක් අයෙකු ක්‍රියාශීලී නොවන බවට හඳුනාගෙන ඇති බව බෝ නොවන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරින් බාලසිංහම් පැවසුවාය.

ඇය අවධාරණය කළේ ලැප්ටොප් පරිගණක භාවිතය, රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහි වීම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මේ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වැලඳීමේ අවදානම ඇති බවත් එළඹෙන අප්‍රේල් මාසය ක්‍රියාශීලී මාසය ලෙස නම් කර ඇති බවත් වෛද්‍යවරිය පැවසුවාය.

එම මාසය තුළදී ආයතන මට්ටමින් ක්‍රීඩා වැඩසටහන් බෝ නොවන සෞඛ්‍ය කාර්යාලය සංවිධානය කර ඇති අතර සියලු දෙනාම දිනපතා ව්‍යායාම කිරීමට පෙලඹීමෙන් බොහෝ රෝග වැළඳීම වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.