― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිදි යහනේම අභිරහස් ලෙස මියගිය පැල්මඩුල්ලේ නීතිඥවරිය

නිදි යහනේම අභිරහස් ලෙස මියගිය පැල්මඩුල්ලේ නීතිඥවරිය

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතිඥවරියක් සිය නිදි යහනේ අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශය පදිංචිව සිටි දුෂ්මන්ති අබේරත්න නැමැති 40 හැවිරිදි කාන්තාවක්. අදාළ නීතිඥවරියගේ නිවසේ සේවය සඳහා පැමිණෙන කාන්තාවක් මේ පිළිබඳව දැනගත් පසු සිදුකළ දැනුම්දීමකදීයි මළ පොලීසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ.

එම කාන්තාව දෛනික රාජකාරී කටයුතු සඳහා අද (31) අලුයම එම නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එහිදී වෙනදා මෙන්ම නිවසේ ඉදිරි පස දොර අඟුලු නොදමා වසා තිබුන බවත්, තමන් නිවසට ඇතුළු වී මුළුතැන්ගෙට ගොස් එහි වැඩ කටයුතු ආරම්භ කළ බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.

පසුව නිවස හිමි නීතිඥවරිය පිළිබඳව සිදුකළ සොයා බැලීමේ දී ඇය ඇඳේ සිටි බවත්, ඇයගේ පාදයක් අල්ලා බැලීමේ දී වෙනසක් තමන්ට දැනුණු බවයි එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ. පසුව ඒ පිළිබඳව අසල්වැසි නිවසේ කාන්තාවට දැනුම් දුන් බවයි නිවසේ සේවයට පැමිණි කාන්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අනතුරුව පොලිසිය පැමිණ මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා. මියගිය කාන්තාවගේ මෘත ශරීරය කහවත්ත මූලික රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ⁣යොමුකර එහි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

නීතිඥවරියගේ මෙම අභිරහස් මරණය පිළිබඳව පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මෙය ඝාතනයක් ද නැත්නම් වෙනත් හේතුවකින් සිදු වූ මරණයක් ද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි සඳහන් කර සිටියේ.

මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට කැදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.